-5.9 C
New York

අගමැති මහින්ද ධූරය අතහැර නාමල් අගමැති කිරීමේ සූදානමක් ?

Published:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරය අතහැර අග්‍රාමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ පත්කිරීමේ සූදානමක් පිළිබඳ කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහිළිය රඹුක්වැල්ල පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේ දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරය අතහැර එය තම පුතු නාමල් රාජපක්ෂකට ලබාදීමේ සූදානමක් ඇති බවත් මේ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ අය අතර මාස දෙකක පමණ කාලයක සිට විශාල කතා බහක් ඇතිවී තිබෙන බවත් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. බැසිල් රාජපක්ෂ පවා එක්ව තිබූ මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස නාමල් රාජපක්ෂට තවත් අමාත්‍යධූරයක වගකීම් පැවරීම සිදු වූ බවට ද දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇති විය.

මේ පිළිබඳ මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙසේ කීවේය.

“අපි එම වාර්තා ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රකාශ තනිකරම දේශපාලන ප්‍රකාශ පමණයි. හෙට දවසේ වෙනත් අයෙක් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනවා යැයි වාර්තා කළ හැකියි. මේ වගේ කතා මාධ්‍ය මගින් එතරම් බරපතල ලෙස නොගත යුතුයි. මේවා ඉතින් දේශපාලනයේ තියෙන සැක සහිත දේවල්. මෙහෙ විතරක් නෙවෙයි ලෝකය පුරාම මේ වගේ කටකතා පැතිරෙනවා. ඒ හින්දා මේ කරුණු නිශ්චිතව තහවුරු ‍වනතුරු එ් ගැන වැඩිය හිතන්න එපා. සමහර වෙලාටව මේවා චෝදනා විතරයි.”

Related articles

Recent articles

spot_img