-5.9 C
New York

ආයෝජන සමුළුව අවසන්වීමත් සමඟ‍ කොළඹ කොටස් වෙළෙඳ පොළ පහළට

Published:

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 49.7කින් සියළු කොටස් මිල දර්ශකය පහළ වැටුණු අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය සඳහන් වූයේ 7542ක් වශයෙනි. සම්පූර්ණ වෙළෙඳ පොළ පිරිවැටුම රුපියල් බිලින 2.0ක් විය.

මෙය මෙම වසරේ දී නිකුත් කරන ලද නවතම මූලික කොටස් නිකුතුව වූ ප්‍රයිම් ලෑන්ඩ් සමාගමේ කොටස් අද දින විකිණීම ආරම්භ වූ අතර රුපියල් 10.40කට නිකුත් කළ කොටසක් කොටස් වෙළෙඳ පොළේ රුපියල් 14.90ක් දක්වා ඉහළට ගොස් දිනය අවසානයේ රුපියල් 11.80ක මිලක පැවතුණි.

දිනයේ ගනුදෙනු සඳහා වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ ප්‍රයිම් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 614යි, රෝයල් සෙරමික් රුපියල් මිලියන 111යි, ලංකා වෝල් ටයිල් රුපියල් මිලියන 110යි ලෙසිනි. දිනයේ විදේශික කොටස් විකිණීම් රුපියල් මිලියන 71ක් ලෙස ද මිල දී ගැණීම් රුපියල් මිලියන 48ක් ලෙස ද සටහන් විය. දිනය අවසානයේ සමස්ත විදේශීය ශුද්ධ විකණීම් රුපියල් මිලියන 23ක් විය. විදේශීය ආයෝජකයන් විසින් මිල දී ගත් සමාගම් අතර හේමාස් හෝල්ඩින්ස්, ප්‍රයිම් ලෑන්ඩ්, ලංකා ටයිල් යන සමාගම් ප්‍රමුඛ විය. විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සිංගර් ෆයිනෑන්ස්, එන්ඩීබී බැංකුව, එක්ස්පෝ ලංකා සමාගම සහ බයිරහා ෆාම්ස් ඉදිරියෙයන් සටහන් විය.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img