spot_img
spot_imgspot_img

ගාල්ලේ සිදුවූ එන්නත් මගඩිය ගැන හදිසි වැටලීම් ඒකකයෙන් පරීක්ෂණ අරඹයි

පුවත්

විදෙස්

කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ සිට පැමිණි පුද්ගලන් දහස් ගණනකට කොරෝනා මර්ධන එන්නත් ගාල්ල උණවටුණේ දී ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම පරීක්ෂණ කණ්ඩායම අද (08) දහවල් ගාල්ල උණවටුන ප්‍රදේශයේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණ එම පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම පරීක්ෂණ කණ්ඩායම විසින් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න සහ වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්ච යන දෙදෙනාගෙන් ප්‍රශ්න කරමින් සිටින බව ද දැනගන්නට ඇත.

එම කාර්යලයේ සේවකයන් පවසන්නේ මෙම එන්නත් වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය වෙනුර සිංගාරච්චි භාරයේ පැවැති බවයි. පැමිණ ඇති විමර්ශන කණ්ඩායම් ගාල්ලේ තිබූ එන්නත් තොග පිළිබඳව ද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.

ගාල්ලේ දී බස්නාහිර පළාතේ පුද්ගලයන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ එන්නත් මගඩියක් සිදුවෙමින් පවතින බවත් මෙම එන්නත් ලබාගැනීමට බස්නාහිර පළාතේ සිට විශාල පිරිසක් සුපිරි වාහනවලින් ගාල්ලට පැමිණෙන බවත් rata.lk පසුගිය සෙනසුරාදා (05) ඉරිදා (06) සහ සඳුදා (07) ඡායාරූප සාක්ෂි සහිතව අනාවරණය කළෙමු. ඉන් පසු ඊයේ දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ද එය ආනවරණය කෙරිණි.

අප කළ අනාවරණය ඉරිදා දිනයේ දී රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ගේ අවධානයට ද යොමුව තිබූ අතර රාජ්‍ය අමාත්‍යවරිය අප වෙත දැනුම් දුන්නේ මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දැනුම්වත් කළ බවයි.

මෙවැනි අනාවරණයක් අප දෛනිකව සිදුකළ ද ඇතැම් මාධ්‍යවේදීන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගෙන් අදහස් විමසමින් එවැනි මගඩියක් සිදු නොවූ වට ප්‍රචාරයක් දීමට ද උත්සාහ ගැනීම කණගාටුවට කරුණකි.

නමුත් මේ වනවිට අප කරන ලද හෙළිදරව්කිරීම අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles