කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගිය පුද්ගලයන් 12 දෙනකුගේ මළ සිරුරු ඊයේ (07) කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ලැබී තිබිණි.
ඉන් 11ක හදිසි මරණ පරීක්ෂණ ඊයේ (07) දිනයේ දී ම අවසන් කර තිබූ අතර එක් මරණයක මරණ පරීක්ෂණ අද (08) උදෑසන සිදුකෙරිණි.
එම පුද්ගලයන් අතරින් 07 දෙනකුගේ මරණ සිදුව ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී වන අතර අනෙක් 05 දෙනා ම නිවෙස්වල දී මියගොස් මළ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ඒමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.
මෙලෙස මියගිය පිරිස අතර ගාල්ලලේ පිටිගල පදිංචි 36 හැවිරිදි ඉංජිනේරුවරයකු සහ ගාල්ලේ හපුගල පදිංචි 93 හැවිරිදි කාන්තාවක් ද සිටි බව අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
ඊට අමතරව උණවටුන පදිංචි 68 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්, ගිංතොට මහ හපුගල පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයකු, මාතර හිත්තැටිය පදිංචිව සිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලැබූ 74 හැවිරිදිවියේ පසුවන සිව්දරු පියෙකු, මාතර දික්වැල්ලේ පදංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ ගාල්ල රිච්මන්ඩ් කන්දේ නිවසක නිරෝධායනයට යොමු වී සිටි 68 හැවිරිදි වියේ පසුවන පිරිමි පුද්ගලයකු, ගාල්ල කටුගොඩ පදිංචි 84 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්, ගාල්ල කන්දවත්තේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්, දෙද්දුගොඩ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.
මෙම මරණ 11 සම්බන්ධයෙන් පශ්චාත් අධිරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකර ඇත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි විසිනි. වෛද්‍යවරිය පවසන්නේ එම සියලු දෙනාම මියගොස් ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයෙන් බවයි.
මීට අමරතව අක්මීමණ අංකොක්කාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ මියගියේය. එම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (08) උදෑසන සිදුකෙරිණි.