X-Press Pearl නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීමේ දී එහි දේශීය නියෝජිත සමාගම විසින් පරස්පර විරෝධී ප්‍රකාශ සහ අසත්‍ය තොරුතරු ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ අනාවරණය කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා හමුවේ මෙම කරුණු ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියේ අනතුරට පත් නැවේ දේශීය නියේජිතයා වශයෙන් කටයුතු කළ සී කොන්සෝටියම් ලංකා පුද්ලික සමාගම විසින් ඔවුන් සහ එම නැවේ කපිතාන්වරයා සමඟ හුවමාරු වූ ඊමේල් පණිවිඩ පරීක්ෂා කිරීමට එම ඊමේල් දත්ත ගබඩාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙදන ලෙසයි. එමෙන්ම අදාල නෞඛාවෙන් ලබාගත් එහි කළු පෙට්ටිය හෙවත් VDR උපකරණය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් ගන්නා ලෙස ද මහේන්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ගිනිගත් නැව මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමේ දී සත්‍ය වසන්කර පරස්පර විරෝධී ප්‍රකාශ ලබාදී ඇති බවයි. නැවේ රසායනික නැවේ කාන්දුව මැයි 10 වැනි දා සිට සිදුව ඇති බවත් විමර්ශනවලින් අනාවරණ්‍ය වූ බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කීවේය. මේ හේතුවෙන් එම නෞඛාව කිසිදු රටකට ඇතුළුවීමට නුසුදුසු තත්ත්වයක ඇති බව දන්නා කපිතාන්වරයා ඇතුළු කාර්ය මන්ඩලය අසථ්‍ය කරුණු ඉදිරපත් කර ඇති බවත් හෙතෙම කීවේය.
නෞකාවක් කිසියම් වරායට ඇතුළු වීමට පෙර එහි හානිකර ද්‍රව්‍ය පවතින බවට ප්‍රකාශයක් සිදුකළ යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම නෞකාව සම්බන්ධයෙන් එහි දේශීය නියෝජිතායතනය මැයි මස 19 වනදා හාබර් මාස්ටර්වරයා වෙත සිදුකර ඇති ප්‍රකාශය තුළින් අදාළ නෞකාව තුළ අනතුරුදායක ද්‍රව්‍ය පැවැතිය ද ඒවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අසුරා ඇති බව පවසා ඇතැයි සඳහන් කළේය. මේ වනවිටත් එහි කාන්දුව සිදුවෙමින් තිබී ඇත.
එලෙස ව්‍යාජ තොරතුරු සැපයූ දේශීය නියෝජිත සමාගම ඊට පසුදින නෞකාව තුළ ගින්නක් පවතින බව දන්වමින් හාබර් මාස්ටර්වරයා වෙත වෙත ප්‍රකාශයක් ලබාදීම ගැටලු සහගත බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එය සත්‍ය වසන් කිරීමක් බවද කියා සිටියේය.
එමෙන්ම එම නෞකාව මෙරටට ඇතුළුවීමට අදාළව නෞකාවේ කපිතාන්වරයා විසින් දේශීය නියෝජිත සමාගම වෙත යොමු කරන ලද e-mail පණිවිඩ කීපයක් එම ආයතනයේ සේවය කරන පුද්ගලයෙකුගේ මෙහෙයවීමෙන් මකා දමා ඇති බවත් ඒ පිළිබඳව විමර්ශන සිදුකරන බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් අනාවරණය කළේය.
මෙම කරුණු අනාවරණය කරමින් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ නැවේ දේශීය නියෝජිත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතළු හත්දෙනකු සැකකරුවන් ලෙස නම්කර ඔවුන් අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන ලෙසයි.
කෙසේ වෙතත් නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් සත්‍ය වසන් කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවී ඇති බවට පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
එම ඉල්ලීමට විරෝධය පළ කළ දැනට සැකකරුවන් වශයෙන් නම් කර සිටින අදාළ නෞකාවේ ප්‍රධාන සහ දෙවන ඉංජිනේරුවරයා යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න එම නඩුකරය විභාග කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් එය මහාධිකරණය විසින් සිදුකළ යුතු කටයුත්තක් බවත් පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම පුද්ගලයින් සැකකරුවන් වශයෙන් අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතිසි නිකුත් කිරීමට තමන්ට අධිකරණ බලයක් නොමැති බව තීන්දු කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයාගේ ඉල්ලීම ඉවත දැමුවාය.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය අනතුරට පත්ව ඇති නෞකාව තිබෙන ප්‍රදේශයට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙස නාවික හමුදාපතිවරයාට නියෝග කළ අතර ඊමේල් දත්ත ගබඩාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට භාර දෙන ලෙස ද නියෝග කළාය.
මෙම පැමිණිල්ල යළි ලබන 15 වැනි දා කැඳවීමට ද නියෝග කෙරිණි.