-2.1 C
New York

ගාල්ලේ මහින්දයට වසර 07කට පසු විදුහල්පතිවරයෙක් එයි

Published:

ගාල්ල මහින්ද විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා පළමු ශ්‍රේණියේ නිලධාරියකු වන අතුල ඩබ්ලිව්. නානායක්කාර පත්කර තිබේ.

එම පත්වීම සම්බන්ධ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී.කේ.පෙරේරා විසින් අද (08) නිකුත් කර තිබේ. මහින්ද විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයකු නොමැතිව වසර 07කට ආසන්න කාලයක් ගත වී තිබූ අතර එම කාල‍යේ දී විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කරන ලද්දේ අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරියකු වූ නියෝජ්‍ය විදුහල්පති ගාමිණී ජයවර්ධන විසිනි.

මෙම විද්‍යාලයේ විදුහල්පතිධූරයේ පුරප්පාඩු සඳහා 2020 වර්ෂයේ සම්මුඛ පරීක්ෂණ කැඳවා එමඟින් තෝරාගන්නා ලද නව විදුහල්පතිවරයා සම්බන්ධ පත්වීම 2021 අප්‍රේල් 08 වැනි දා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබිණි. එම අනුමැතිය අනුව මෙම පත්වීම සිදුකළ බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්වරයා දක්වා ඇත.

අතුල නානායක්කාර කොළඹ ලුම්බිණි විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

Related articles

Recent articles

spot_img