-5.9 C
New York

අපාදා මරණ 16ක්, පීඩාවට පත්වූවන් 270,000ක්

Published:

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදාවලින් පුද්ගලයන් 16 දෙනකු මියගොස් 03 දෙනකු අතුරුදන්ව තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පීඩාවට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 270,912 දෙනෙකි.

ඊයේ (07) වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කඩුවෙළ නගරය ඊයේ සවස් වනවිටත් ජලයෙන් යට වී තිබිණි. ඒ හේතුවෙන් හංවැල්ල – කොළඹ මාර්ගයේ ගමනාගමන කටයුතු සිදුකිරීමට නොහැකිව තිබූ අතර වැල්ලම්පිටිය ප්‍රදේශයේ ද නිවාස බොහොමයක් ජලයෙන් යට වී තිබිණි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් ජලය සමඟ එක්වීම හේතුවෙන් හෙයියන්තුඩුව බලහේන ගම්මානයේ පදිංචිකරුවෝ පීඩාවට පත්ව සිටිති.

Related articles

Recent articles

spot_img