-2.1 C
New York

නැවේ කළු පෙට්ටිය පරීක්ෂණ සඳහා යොමුකරයි

Published:

ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාවේ කළු පෙට්ටිය ලෙස හඳුන්වන Voyage Data Recorder (VDR) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහායෙන් වෙළෙඳ නැව් මහලේකම් කාර්යාලයේ නාවික විශේෂඥයන් විසින් සොයාගෙන තිබේ.

මෙම උපකරණයේ නැවේ සියලුම මෙහෙයුම් කටයුතු සහ සන්නිවේදන දත්ත අඩංගු වෙයි. එබැවින් එය ඉදිරි විමර්ශන කටයුතු සඳහා අදාල අංශ වෙත භාර දී තිබේ.

මේ අතර විනාශ වූ නෞකාවේ කොටසක් මීටර 21ක් පමණ ගැඹුරින් මුහුදු පත්ලේ හිරවී තිබේ. අනෙක් කොටස මුහුදු පතුලටම ගිලී නොපෙනී ගොස් ඇත.  කිමිදුම් කරුවන් විසින් නැව මුහුදේ හිරවී ඇති ආකාරය පරීක්ෂා කර ඇති අතර සිදුව ඇති හානිය තක්සේරු කිරීමට ද මූලික පරීක්ෂණ සිදුකර තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ තෙල් හෝ රසායනික කාන්දුවීම් පිළිබඳ කිසිදු සළකුණක් මෙතෙක් අනාවරණය වී නැති බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දියාවේ වෙරළාරක්ෂක බලකාය හා නැවේ තෙල් කාන්දුවක් සිදුවුවහොත් එය වැළැක්වීම සඳහා කටයුතු කළ හැකි කණ්ඩායම් එම ස්ථානයේ සිටින අතර වරින් වර නැව දැඩි නිරීක්ෂණයට ලක්කරන බව ද වරාය අධිකාරිය තම වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

Related articles

Recent articles

spot_img