මහනුවර ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහනක දී එස්-පුට්නික් V එන්නත ලබාදීමේ දී පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමට වුව ද කැමැතියැයි යනුවෙන් සඳහන් කරමින් අතසන් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසූ මාධ්‍යවේදීන්ට “තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදියෙක් වෙන්න එපා. පහුගිය කාලේ මැරුම් කෑවේ තර්ඩ්ක්ලාස් මාධ්‍යවේදියෝ” යනුවෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් විසින් තරවටු කිරීමේ සිද්ධියක් වාර්තා වෙයි.
ඒ සම්බන්ධ වීඩියෝව පහතින් සඳහන් කර ඇත.
මෙම තරවටුකිරීම සිදුකරන වෛද්‍ය හේමන්ත හේරත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ කාර්යභාරය ඉටුකරන නමුත් ඔහු පවසන්නේ තමන්ට එවැනි තනතුරක් ලැබී නොමැති බවයි. එසේ වුව ද සෞඛ්‍ය අමාත්‍යවරියගේ ඉල්ලීම මත මේ කාර්යය කරන බව ද වෛද්‍ය හේරත් පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් විශ්‍රාම යාමෙන් අනතුරුව සෞඛ්‍ය ඇමතිවරියගේ ඉල්ලීම පරිදි මෙම කටයුතුවලට සහභාගීවන බවත් ඔහු කොන්ත්‍රාත් පදනම යටතේ සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කීවේය.
මෙලෙස ඔහු මාධ්‍යවේදීන්ට තරවටු කිරීමට හේතුවී ඇති සිද්ධිය මෙසේය.
ඔහු පැවැත්වූ මාධ්‍ය හමුවක දී මහනුවර ප්‍රදේශයේ එස්-පුට්නික් V එන්නත ලබාදෙන අවස්ථාවේ දී පළමු මාත්‍රාව පමණක් වුව ද ගැනීමට කැමති යැයි අතසන් එකතුකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසා තිබිණි. එහි දී වෛද්‍ය හේරත් පවසා ඇත්තේ තමන් ඒ ගැන නොදන්නා බැවින් ඉදිරි මාධ්‍ය හමුවක දී ඒ පිළිබඳ පිළිතුරු ලබාදෙන බවයි. ඒ අනුව බ්‍රහස්පතින්දා සවස පැවැති මාධ්‍ය හමුවේ දී ඉහත මාධ්‍යවේදියා විසින් එම ප්‍රශ්නය ම යළි විමසා තිබේ. වෛදයවරයා ඊට නිසි පිළිතුරක් නොදුන් බැවින් මාධ්‍යවේදියා කිහිප අවස්ථාක් ම එය විමසුව ද පිළිතුරු නොදී මාධ්‍ය සාකච්ඡාව අවසන් කර තිබේ.
මාධ්‍යවේදීන් තම උපකරණ ඉවත්කරගෙන එතැනින් පිටවීමට සූදානම් වෙමින් සිටිය දී එතැනට ගිය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් “තර්ඩ්ක්ලාස් මාධ්‍යවේදියෙක් වෙන්න එපා. පසුගිය කාලේ මැරුම් කෑවේ තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදියෝ” යනුවෙන් පවසමින් මාධ්‍යවේදීන්ට තරවටු කර ඇත.
ඔහුගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ වෛද්‍ය හේමන්ත හේරත් විසින් පවත්වන සාකච්ඡාවේ දී මෙරට ජනතාව මුහුණ දී ඇති සෞඛ්‍ය ගැටලු සම්බන්ධයේන ප්‍රශ්න කිරීම තර්ඩ්ක්ලාස් මාධ්‍යකරණයක් බවයි. එවැනි මාධ්‍යවේදීන් මරාදැමුණු බව කියමින් ඔහු කරන්නේ මෙලෙස ප්‍රශ්න කරන මාධ්‍යවේදීන්ට ද මරණය ම උරුමවන බව යැයි මාධ්‍යවේදීහු ප්‍රකාශ කරති. මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බව ද මාධ්‍ය සංවිධාන බොහොමයක් සිය විරෝධය පළකරමින් පවසයි.
මුගේ මෑණියෝ මොකා එක්ක සමනිලාද දන්නේ නැහැ මුව හැදුවේ