-4.8 C
New York

සපුගස්කන්දේ දැවි තෙල් වැස්සත් සමඟ කැලණි ගඟට ? තවත් පරිසර අර්බුදයක් නිර්මාණය වෙයි

Published:

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් වැසි ජලයට එක්වී ඇතැයි වාර්තා වේ. මෙම තෙල් වැසි ජලය සමඟ කැලණි ගඟට එක්වීමේ අවදානමක් ඇති බැවින් එය වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් දියත්කර තිබේ.

ඉන්ධන පිරිපහදුවේ ප්‍රකාශකයකු කියා සිටියේ එහි ඇති දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන ටැංකියකට මහ වැස්සත් සමඟ ජලය ගලාවිත් මේ වනවිට පිටාර ගලමින් තිබෙන බවයි. වැසි ජලය සමඟ එම තෙල් කැලණි ගඟට ගලා යාමට ඉඩ තිබෙන බැවින් එය වැළැක්වීමට විශේෂ මෙහෙයුම දියත් කර ඇත.

නාවික හමුදාව පවසන්නේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ ඇති ගංවතුර තත්ත්වයත් සමඟ මේ තත්ත්වය ඇති වූ බවයි. පසුව ගංවතුර නැවත ගඟට ගලා යන විට එම තෙල් පට්ටිවෙළ ඇළ හරහා ගඟට ගලා යා‍මට ඉඩ තිබේ. මේ තෙල් ගඟට එක්වුවහොත් බියගම සහ අඹතලේ ජල පවිත්‍රාගාරවලින් පානීය ජලය ලබාගැනීමට ද ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. එමෙන්ම ගංවතුර බැසයන විට පහත් බිම් ප්‍රදේශවල දැවි තෙල් තැන්පත් වීම ප්‍රදේශයේ ශාක හා සත්ත්ව පැවැත්මට මෙන්ම සාමාන්‍ය ජනජීවිතයට ද විශාල බලපෑමක් ඇතිවීමට හේතුවනු ඇත.

Related articles

Recent articles

spot_img