-5.9 C
New York

ශ්‍රී ලංකාව කොරෝනා රතු ලේඛනයට වැටෙයි

Published:

ශ්‍රී ලංකා සමාජය තුළ කොරෝනා පැතිර ඇති බැවින් එළැඹෙන අඟහරුවාදා (08) අළුයම 4.00 සිට ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය සම්බන්ධ රතු ලේඛනයට ඇතුළත්වන බව එංගලන්තය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටි අයකුට එංගලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලැබෙන්නේ ඔවුන් බ්‍රිතාන්‍යයේ හෝ අයර්ලන්ත ජාතිකයකු නම් හෝ එහි පදිංචිවීමට අවසර ඇති පුද්ගලයකු නම් පමණි. වෙනත් කිසිවෙකුට එංගලන්තයට ඇතුළුවීමට අවසර නැත.

එසේ පැමිණෙන පුද්ලයකු වුව ද එංගලන්තයට පැමිණීමට පෙර කොරෝනා සඳහා පීසීආර් පරීක්ෂණයක් ද කරගත යුතුය. එමෙන්ම හෝටලයක නිරෝධායනය විය යුතු අතර නිරෝධායනය අවසන් වූ පසුව ද නැවත පීසීආර් පරීක්ෂණයක් කරගැනීමට සිදුවේ. මේ සියලු කොන්දේසි එන්නත් ලබාගෙන ඇති අයට ද අදලා බව එංගලන්තය නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාව ද සමඟ අඟහරුවාදා සිට රතු ලේඛනයට ඇෆ්ගනිස්තානය, බහරේනය, කොස්ටා රිකා රාජ්‍යය, සූඩානය, ට්‍රිනිඩෑඩ් හා ටොබැකෝ යන රටවල් ද ඇතුළත් කර තිබේ.

කොරෝනා රතු දත්ත ලේඛනයට ඇතුළත් කළ බව දැක්වෙන ලේඛනය පහතින්

https://www.gov.uk/guidance/red-amber-and-green-list-rules-for-entering-england

Related articles

Recent articles

spot_img