-2.1 C
New York

ඇමෙරිකාවේ ඉතුරු වූ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ශ්‍රී ලංකාවට ලැබෙයි ?

Published:

ඇමෙරිකාවේ ඇති අතිරික්ත ඇස්ට්‍රා සෙනිකා එන්නත් ප්‍රමාණයක් ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඖෂධ සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

ඔහු පවසන්නේ ඇමෙරිකාව තම අතිරික්ත එන්නත් ලෝකය පුරා බෙදාහැරීමේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ නම ද ඇතුළත්කර තිබෙන බැවින් එම එන්නත් ලැබුණු විට ඇස්ට්‍රා සෙනිකා නොමැතිවීමෙන් ඇතිවූ ගැටලුව අවසන්වන බවයි.

ඇමෙරිකාව ජුනි මාසය තුළ එන්නත් මාත්‍රා 25ක් ලෝකය පුරා බෙදා හැරීමට තීරණය කර ඇත. එහි දී යුද ගැටුම් පවතින රටවලට මාත්‍රා මිලියන 07ක්, ලතින් ඇමෙරිකානු රටවලට මිලියන 06ක්, දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලට මිලියන 07ක් අප්‍රිකානු රටවලට මිලියන 05ක් වශයෙන් බෙදාහරින බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇතත් ශ්‍රී ලංකාවට හිමිවන සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සඳහනක් නැත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අවම වශයෙන් ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලක්ෂ 06ක අවශ්‍යතාවක් පවතී.

Related articles

Recent articles

spot_img