සුවසැරිය ගිලන් රථ සේවය මගින් භාරගන්නා රෝගීන් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනයාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි සුවසැරිය ගිලන් රථ සේවයේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා පවසයි.
ඔහු මේ බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
සුවසැරිය සේවක සේවිකාවන් පවසන්නේ මෙයට හේතු වී ඇත්තේ ගිලන්රථ මගින් ගෙනඑන කොරෝනා ආසාදිත පළමු මට්ටමේ සියලු රෝගීන් රෝහලට භාරගැනීමෙන් අනතුරුව ඔවුන් වාට්ටු අංක 46 වෙත ගෙන ගොස් භාර දීමේ රාජකාරිය ද ගිලන්රථ සේවකයන් වෙතම පවරා තිබීම බවයි.
මෙය සුවසැරිය වෙත පමණක් නොව සියලුම ගිලන්රථ සඳහා නිකුත් කර ඇති උපදෙස් මාලාවකි. එහෙත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස වන්නේ රෝහලකට රෝගීන් රැගෙන පැමිණෙන ගිලන්රථයක් විනාඩි 15ක කාලයක දී නිදහස් කළ යුතු බවයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ නව ක්‍රමවේදය අනුව ගිලන්රථ සේවකයන් රෝගීන් වාට්ටුවට ගෙන ගොස් භාර දෙන්නේ නම් ඒ සඳහා පැයක පමණ කාලයක් ගත වෙයි. එබැවින් සුවසැරිය සේවකයන් පවසන්නේ මෙය තමන්ට අදාල නොවන රාජකාරියක් බවයි. එබැවින් ඔවුන් කරාපිටිය ශික්ෂණ රෝහලට රෝගීන් රැගෙන යාම ප්‍රතික්ෂේප කර ඇත.
රෝගියකු රෝහලට රැගෙන ඒමෙන් පසු සුවසැරිය ගිලන් රථ සම්පූර්ණයෙන් ම විෂබීජහරණය කරන බැවින් ඒ සඳහා ද පැයක පමණ කාලයක් ගතවෙයි. මේ අනුව කරාපිටියේ නව නීතිය අනුව රෝගියකු රැගෙන එන සුවසැරිය ගිලන්රථයකට රෝහලට පැමිණි පසු යළි පිටත්වීමට පැය 02කට ආසන්න කාලයක් ගතවේ.


කරාපිටියට පුද්ගලික වාහනයකින් ගෙන ගියද රෝගියා බාරදීමට පෙර විනාඩි 5 ත් වාහනය නතර කිරීමට ඉඩ නොදී Security Force දමමින් බැන වැද එලවා දමයි.✍️😥👍
හමුදා බලය රොගින්ට පෙන්වන හමුදාවෙන් ඉවත්වු සෙබලුන්ගෙන් සාදා තිබෙන අමුනුෂය securitya වහාම කරාපිටියෙන් ඉවත් කරන්න බල කරමු. 🙏👍✌️