-5.9 C
New York

ගංවතුර හා නායයාමේ අවදානමක්

Published:

මහ වැසි හේතුවෙන් කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගළු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කළුතර, මිල්ලනිය, හොරණ, ඉංගිරිය සහ මතුගම ප්‍රදේශවලට පහත්බිම්වල පදිංචිකරුවන්ට මේ හේතුවෙන් අවධානයෙන් සිිටින ලෙස ද දැනුම් දී තිබේ.

මේ අතර තවදුරටත් වැසි පැවතුණහොත් රත්නපුර, කළුතර, ගාල්ල, කොළඹ, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවල නාය යාමේ අවධානමක් ඇති ප්‍රදේශවල ද නායයාම් සහ කඳු කඩාවැටීම් ඇතිවිය හැකි බැවින් එවැනි ස්ථානවලින් ද ඉවත්ව සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ නිරිතදිග කොටසේ ඉදිරි පැය කිහිපයේ දී තද වැසි අතිවීමට ඉඩ ඇති බවයි.  

Related articles

Recent articles

spot_img