8.6 C
New York

චන්දිමාල් ජයසිංහ රෝහලගත වෙලා. නිරෝධායනය මඟහරියි

Published:

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප ලබාදුන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ තලවතුගොඩ පුද්ගලික රෝහලක නැවතී ඇතැයි වාර්තා වේ.

එම උපන්දින සාදයට සහභාගී වූ නිරූපන ශිල්පී පියුමි හංසමාලී ඇතුළු පිරිසක් පොලිසිය විසින් නිරෝධායනය සඳහා බණ්ඩාරවෙළ ප්‍රදේශයට ගෙන ගිය ද එම කණ්ඩායමට චන්දිමාල් ජයසිංහ ඇතුළත් වූයේ නැත. කෝට්ටේ පිහිටි ඔහුගේ නිවසට ගොස් සොයා බැලීමේ දී ඔහු නිවසින් බැහැරව ගොස් සිටි ව පොලිසිය කියයි.

කෙසේ වෙතත් නිරෝධායනය මඟ හැර සිටින චන්දිමාල් මේ වනවිට තලවතුගොඩ පුද්ගලික රෝහලක නතරව සිටියි. නිරෝධායනයට ගෙන යන අතර සජීවීව පෙනී සිටි පියුමි හංසමාලී කියා සිටියේ තමන් ඇතුළු පිරිස ෂැංග්‍රිලා හෝටලයේ ම නිරෝධායනයට ඉල්ලා සිටිය ද ඊට අවසර නොලැබුණු බවයි.

Related articles

Recent articles

spot_img