නිවෙස්වලට ම පැමිණ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන බව පවසන වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින පුද්ගලයකු සහ ඔහුගේ සහායකයා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය සමන්තිකා විජේසුන්රගේ උපායකට අනුව අල්ලා ගැනීමට පොලිසිය සමත්වී තිබේ.
ආසාදිතයන්ගේ නිවස්වලට ගොස් ප්‍රතිකාර කරන වෛද්‍ය කණ්ඩායමක් සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ඉන් එක් පුද්ගලයකුගේ අංකයක් සොයාගත් වෛද්‍යවරිය ඔවුන් අමතා තම නිවසේ රෝගියකු සිටින බව පවසා නිවසට ගෙන්වාගෙන තිබේ.
ව්‍යෛවරිය මේ බව කැස්බෑව පොලිසියට ද දැනුම් දීමෙන් අනතුරුව එම පුද්ගලයා නිවසට පැමිණෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් ද එහි රැඳී සිට තිබේ. පොලිසිය පවසන්නේ මෙම සැකකරු වෛද්‍යවරියගේ දුරකථන ඇමතුමට රැවටී නිවෙසට පැමිණි බවයි. එහි දී කරන ලද ප්‍රශ්න කිරීම්වල දී තමන්ට විදේශ වෛද්‍ය විද්‍යාලයක උපාධියක් ඇතැයි පැවසුව ද ඒ බව සනාථ කිරීමට හැකි වී නැත.
පොලිසිය වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයා සහ ඔහුගේ සහායකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි වාහනය සහ එහි තිබූ ඖෂධ හා උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. සහායකයා ඇඟළුම් කම්හළක හිටපු සේවකයකු බව ද අනාවරණය වී ඇත.