X-Press Pearl නැව විනාශ වී ගිලී යද්දී කොළඹ කොටස් වෙළෙඳ පොළේ කුකුළු මස් වෙළෙඳාම ආශ්‍රිත සමාගම්වල කොටස් මිලදී ගැනීමට ආයෝජකයන්ගේ විශාල නැඹුරුවක් දක්නට ලැබිණි.
අද (01) දින කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 13කින් අඩු වූ අතර එය දිනය අවසානයේ සටහන් වූයේ සියලු කොටස් මිල දර්ශකය 7436ක් වශයෙනි.
සම්පූර්ණ වෙළෙඳ පොළ පිරිවැටුම රුපියල් බිලින 2.1 ක් ලෙස වාර්තා විය. කොටස් වෙළෙඳ පොළ සම්පූර්ණ පිරිවැටුම කෙරෙහි වැඩිම දායකත්වයක් ලබාදුන්නේ රෝයල් සෙරමික් සමාගම මිලියන 218ක්, වැලිබල් ෆිනෑන්ස් සමාගම මිලියන 146ක්, කොමර්ෂල් බැංකුව මිලියන 145ක් වශයෙනි.
දිනයේ වැඩිපුරම හුවමාරු වූ කොටස් වශයෙන් එල්බී ෆිනෑන්ස් සමාගමේ කොටස්, වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කොටස් සහ රෝයල් සෙරමික් සමාගමේ කොටස් කැපී පෙණිනි. විදේශික ආයෝජකයන්ගේ මුළු දිනයේ විකිණීම් මිලියන 56ක් වූ අතර මිලදී ගැනීම් මිලියන 41ක් විය. ඒ අනුව සමස්ත දිනයේ විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 15ක කොටස් වැඩිපුර විකුණා තිබේ. විදේශීය ආයෝජකයන් විසින් මිල දී ගත් කොටස් අතර හේමාස් හෝල්ඩින්, ටෙක්සර්ස් ජර්සි, LOLC සමාගම, වැලිබල් ෆිනෑන්ස්, කැලණි ටයර් සමාගම් වේ. විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර එල්බී ෆිනෑන්ස්, ඊස්ට් වෙස්ට්, CIC හෝල්ඩින්ස්, ලුබ්රිකන්ස් සහ පීපල්ස් ඉන්ෂූවරන්ස් සමාගම වේ.
අද දිනයේ කොටස් මිල දී ගැණීම් කෙරෙහි බලපෑ කාරණා කිහිපයක් පැවති අතර වර්තමානයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත්විමෙන් සිදුවී ඇති විනාශය හේතුවෙන් කුකුල් මස් සඳහා වෙළෙඳ පොළේ ඉල්ලුම වැඩිවී තිබේ. ඒ අනුව කුකුල් මස් වෙළෙඳාම ආශ්‍රිත සමාගම් වන ප්‍රීමා සමාගම, බයිරහා ෆාම් සමාගම, ප්‍රීඒක ෆාම් සහ CIC සමාගමෙහි කොටස් මිල දී ගැනීමටත් ආයෝජකයන්ගේ නැඹුරුවක් තිබිණි. එමෙන් ම අද දිනයේ ලීසිං සහ ෆිනෑන්ස් සමාගම් බොහොමයක කොටස් වැඩිපුර මිල දී ගැනීමට ආයෝජකයන් නැඹුරු වූ අතර මුදල් නොගෙවූ ගනුදෙනුකරුවන්ගෙන් අත්පත් කරගත් වාහන අධික මුදලකට විකිණීමෙන් එම සමාගම් වැඩි වශයෙන් ලාභ ලබාගැනීම මේ මිලඳී ගැනීම්වලට හේතු වී තිබේ.
දිනය අවසානයේ සමස්ත කොටස් වෙළෙඳ පොළ හැසිරීම පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ පෙර පැවති කොටස් මිල ඉහළ යාමේ නැඹුරුව සුළු වශයෙන් වෙනස් වුව ද කොටස් වෙළඳ පොළ ස්ථාවරව පවතින බවයි.
(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)