-2.1 C
New York

මව්කුස ඇති කළලයටත් කොරෝනා රිංගයි. උපදින විට මියගොස් සිටි බිළිඳියට කොරෝනා

Published:

කොරෝනා ආසාදිතව සිටි මවකගේ කුසේ දී මියගිය සති 37ක් වයසැති බිළිඳු කළලයකට කොරෝනා ආසාදනය වී තිබූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයක දී අනාවරණය වී තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි පවසන්නේ එම කලලයේ ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකිරීමේ දී කොරෝනා ආසාදිත බව තහවුරුකරගැනීමට හැකිවූ බවයි.

මෙලෙස මළ දරු උපතක් සිදුකර ඇත්තේ ගාල්ලේ දඩල්ල මහමුදලිමාවතේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කරන්දෙණිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට සුව වී යළි නිවසට පැමිණ සිටි ඇය පසුගිය දා සිය තුන්වැනි දරු ප්‍රසූතිය සදහා මහමෝදර රෝහලට ඇතුළත් වී ඇත. පසුගිය 31 වැනි දා ඇගේ නූපන් බිළිඳිය කුසතුළම මියගොස් සිටියාය.

මෙම මළ සිරුර සම්බන්ධයෙන් ඊයේ (02) කාරපිටිය ශික්ෂණ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍ය දන්දෙණියආරච්චි එම සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා ඇත. ඇය පවසන්නේ දරුවාගේ මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වක් ද නැතිනම් වෙනත් හේතුවක් ද යන්න පිළිබඳ තීරණය කිරීමට සිදුවන්නේ එම වාර්තා ලැබීමෙන් පසුව බවයි.

මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක බී.ජී.එන්.කරුණාතිලක ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය නිර්දේශය සැළකිල්ලට ගෙන විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කළේය.

Related articles

Recent articles

spot_img