අද (02) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 2,877ක් වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙම ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් වාර්තා වූ ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 646කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 654ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 281ක් එම පැය 24 තුළ වාර්තා වී ඇත.
ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
කොළඹ 646
ගම්පහ 654
කළුතර 281
මහනුවර 114
කුරුණෑගල 76
ගාල්ල 93
යාපනය 148
කෑගල්ල 24
පුත්තලම 75
අනුරාධපුරය 31
මාතර 14
පොළොන්නරුව 33
අම්පාර 99
නුවරඑළිය 95
රත්නපුරය 27
හම්බන්තොට 10
බදුල්ල 39
මඩකලපුව 121
මොණරාගල 10
කිලිනොච්චිය 49
මුලතිව් 32
ත්‍රිකුණාමලය 50
මාතලේ 40
වව්නියාව 60
මන්නාරම 24
විදේශගත වී සිට පැමිණි 32