-5.9 C
New York

ගිනිගත් නැව ගැඹුරු මුහුදට ගෙන යාමේ සැළැස්මක්

Published:

කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී තීරණය කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම රැස්වීමේ දී වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් එම නෞකාව මැයි 09 වැනි දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 19 වැනි දා කොළඹ වරාය ආසන්නයට පැමිණීම දක්වා තොරතුරු ‍අනාවරණය කරනු ලැබීය.

ගින්නෙන් දැඩි ලෙස විනාශ වී ඇති මේ නෞකාව මුහුදේ ගිලී යාමේ අවදානමක් පවතින බැවින් එය ගැඹුරු මුහුදට ගෙන යාම වඩාත් සුදුසු බව අවධාරණය කෙරිණි. එහි දී ජනාධිපතිවරයාගේ උපදෙස වූයේ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින්, නීතිපතිවරයාගේ ද උපදෙස් ඇතිව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාට පැවරෙන බලතල අනුව නැව ගැඹුරු මුහුදට රැගෙන යාමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම මෙය දේශපාලනික කාරණාමත පදනම් කර‍ නොගෙන තාක්ෂණික කාරණාමත පදනම් වූ තීරණයක් විය යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

Related articles

Recent articles

spot_img