10.2 C
New York

රත්ගම MOH කාර්යාලයේ සේවකයන්ට හැඳි දෙකකින් බෙදයි

Published:

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවක සේවිකාවන් ට හැඳි දෙකකින් බෙදීමේ පුවතක් වාර්තා වේ. මේ කාර්යාලයේ සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට එන්නත් ලබාදීමේ දී කාර්යාල නිලධාරීන්ගේ පවුල්වල සියළු සාමාජික සාමාජිකාවන්ට අද (02) කොරෝනා එන්නත ලබාදීම සඳහා ලියාපදිංචිකර ඇති අතර කොරෝනා ආසාදිතයන් හා නිරන්තරව ගැටෙන ක්ෂේත්‍ර නිලධාරීනගේ පවුල්වල සාමාජිකයන්ට එලෙස එන්නත් ලබාදෙන්නේ නැත.

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන රියදුරන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ පවුල්වලින් බිරිඳට හෝ සැමියාට එන්නත ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇත.

එසේ වුව ද කාර්යාලය ඇතුළත සේවය කරන සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සහකරුවන් සහ වැඩසටහන් නිලධාරීන්ගේ පවුල්වල සියලු සාමාජිකයන්ට එන්නත් ලබාදීම අද සිදුවෙමින් පවතී. මෙය එකම කාර්යාලයේ සේවක සේවිකාවන්ට හැඳි දෙකකින් බෙදීමකි.

Related articles

Recent articles

spot_img