-4.8 C
New York

ඩී.එස්. ඉඩම පවරාගැනීම නවතී

Published:

කොළඹ ඩී.එස්.සේනානයක විද්‍යාලයේ ඉඩමක නාගරික සංවර්ධන අධිිකාරිය විසින් වාහන අංගනයක් ඉදිකිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කළ බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහි දී අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ඉඩමක් නාගරික සංවර්ධණ අධිකාරියෙන් අත්පත් කරගැනීමට යන බවට පළ වූ පුවත් අසත්‍ය බවයි. එම විද්‍යාලයේ ඉඩමක කොටසක් හා විහාරස්ථානයට අයත් කොටසක් එකතු කර පර්චස් 100ක වාහන අංගනයක් ඉදිකිරීමට සැළසුම් කළේ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ විදුහල්පතිතුමා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ද හෙතෙම පැවසීය.

“අපි විද්‍යාලයට ගියා. මේ සැළැස්ම ඉදිරිපත් කරලා අපි ඉඩම අත්පත් කරගැනීමේ කටයුතු සිදුකළා. මේක සම්පූර්ණ ව්‍යාපෘතියක් විදියට ක්‍රියාත්මක කරලා ඒකේ ප්‍රතිලාභ නැවත ඩී.එස්.සේනානායක විද්‍යාලටය ලැබෙන ආකාරයට තමයි අපි මෙය කරන්න හිටියේ. නමුත් විද්‍යාලයට, ආදි ශිෂ්‍යන්ට එපානම් කිසිම ගැටලුවක් නෑ. අපිට එක දිනයයි යන්නේ තව ගැසට් පත්‍රිකාවක් දාලා ඒක අවලංගු කරනවා. ජනාධිපතිවරයා මට උපදෙස් දුන්නා විද්‍යාලය වෙනුවෙන් කරන්න ගිය මේ ව්‍යාපෘතිය ගැන අසත්‍ය ප්‍රචාරයක් යනවා නම් ඒ ව්‍යාපෘතිය නවත්වන්න කියලා. මම අදම නිලධාරීන්ට උපදෙස් දුන්නා මුදල් වැය කරන්න එපා කියලා. අපි මේ ව්‍යාපෘතිය නවතා දමනවා.”

Related articles

Recent articles

spot_img