spot_img
spot_imgspot_img

ලුණු හිගයක් ඇතිවන කතාව බොරුවක්

පුවත්

විදෙස්

ඉදිරියේ දී ලුණු හිඟයක් ඇතිවේ යැයි පැතිරයන ආරංචිවල කිසිදු පදනමක් නැතැයි සීමා සහිත ලංකා සෝල්ට් සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳභරණ පවසයි.

අප කළ විමසීමක දී සභාපතිවරයා කියා සිටියේ මේ වනවිට ලුණ ලේවා සතුව ඉදිරි වර්ෂයක කාලයක් දක්වා පරිභෝජනය සඳහා අවශ්‍ය ලුණු තොග ඇති බවයි.

කොළඹ වරාය ආසන්නයේ ගිනිගත් නැවේ අඩංගුව තිබූ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීමෙන් ලුණු නිෂ්පාදනයට බලපෑම් එක්විය හැකි බවත් මිනිස් සිරුරට අහිතකර රසායනික ලුණුවලට ඇතුළ්විය හැකි බවත් ඇතැම් පිරිස් කියති.

ලුණු නිෂ්පාදනය සඳහා මුහුදෙන් හෝ කලපුවෙන් ජලය ලබාගත් අවස්ථාවේ සිට මාසය 06කට අධික කාලයක් ලුණු නිෂ්පාදනයට ගතවන බවත් ඉදිරි කන්න සඳහා අවශ්‍ය ජලය දනටමත් ලේවාය භූමිවලට ඇතුල්කර තිබෙන බත් සභාපති සඳභරණ පවසයි.

එමෙන්ම ලේවායට ජලය ලබාගන්නේ එම ජලයේ සෞඛ්‍යාරක්ෂිිතභාවය තහවුරු කරගැනීමෙන් පසුව බවත් ලුණු ලෙස හඳුන්වන සෝඩියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය වනවිට වෙනත් විෂ ද්‍රව්‍ය එහි තිබිය නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!