-5.2 C
New York

චන්දිමාල් – පියුමි දෙදෙනා නිරෝධායන නොකරන්න හේතු කියයි

Published:

ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරින ලද රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හා රංගන ශිල්පිනී පියුමි හංසමාලි නිරෝධයනයට යොමුකිරීමේ අවශ්‍යතාවක් නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ ඔවුන් දෙදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබූ බවයි. රෝගියකු ‍හෝ ආශ්‍රිතයකු සමඟ ගැටී ඇති බවට සනාථ නොවන්නේ නම් කිසිවකු නිරෝධායනයට යොමු කළ නොහැකි බව ද උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු එසේ කීව ද පසුගිය දා කඩුවෙළ ප්‍රදේශයේ පැවැත්වූ මංගල උත්සවයකට පැමිණි පිරිසක් එවැනි ආශ්‍රිතයකු හෝ රෝගියකු නොසිටිය ද එම හෝටලයේ ම නිරෝධායයනය කිරීමට පොලිසිය කටයුතු යොදා තිබිණි.

Related articles

Recent articles

spot_img