මෙරට සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ අතරින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් වාර්තා කරන ලද කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 1,484ක් බවට පත්ව ඇත. ඒ ඊයේ (31) තවත් කොරෝනා මරණ 43ක් වාර්තා කිරීමත් සමඟිනි.
ඊයේ වාර්තා කළ මරණ 43න් 23ක් ම කාන්තා මරණ බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිවේදනය අනුව පැහැදිලි වේ.