-5.9 C
New York

HNB හෙට ගමින් ගමට යයි. ඕනෑම ගනුදෙනුවක් සඳහා අවස්ථාව

Published:

සංචරණ සීමා ක්‍රියාත්මකවන කාලයේ දී මුදල් ගනුදෙනු සඳහා ප්‍රදේශවාසීන්ට පහසුවක් වීම සඳහා හැටන් නැෂනල් බැංකුවේ ජංගම රථය හෙට (01) උදෑසන සිට ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට යාමට සැළසුම් කර තිබේ.

එ් අනුව එම ජංගම රථය පහත සඳහන් පරිදි ඒ ඒ ස්ථානවලට පැමිණෙන බව හැටන් නැෂනල් බැංකුව පවසයි. මෙම රථයවෙත පැමිණීමෙන් මුදල් තැන්පත්කිරීම, ආපසු ගැනීම සහ මුදල් හවුමාරු ඇතුළු ගනුදෙනු රැසක් සිදුකරගැනීමට හැකියාව පවතී.

මෙහි විශේෂත්වය වන්නේ හැටන් නැෂනල් බැංකුවේ ගනුදෙනු කරුවන් නොවන අයට ද තමන් සතුව වෙනත් ඕනෑම බැංකුවකින් නිකුත් කරන ලද ATM Card ඇත්නම් මුදල් ගැනීමට පහසුකම් සළසා තිබීමයි.

හැටන් නැෂනල් බැංකුවේ ජංගම රථය පහත සඳහන් පරිදි ස්ථානයන්ට පැමිණීමට නියමිතය

පෙ.ව. 9.30-10.30 – ජූල්ගහ හන්දිය

පෙ.ව.10.45-11.45 – කලේගාන හන්දිය

‍මධ්‍යහ්න 12.00 – ප.ව. 1.00 – කහදූවවත්ත හන්දිය

ප.ව. 2.00 – ප.ව. 2.30 – හපුගල හන්දිය

ප.ව. 2.45 – ප.ව. 3.30 – වක්වැල්ල හන්දිය

ප.ව. 4.00 – ප.ව. 5.00 – ලබුදූව හන්දිය

ප.ව. 5.30 – ප.ව. 6.30 – දෙවට හන්දිය.

Related articles

Recent articles

spot_img