-4.8 C
New York

එන්නතේ දෙවැනි මාත්‍රාව නොලැබෙන ලකුණු ? මහනුවරින් මතු වූ අමුතු කැමැත්ත

Published:

කොරෝනා රෝගයෙන් බේරී සිටීම සඳහා ලබාදෙන එස්-පුට්නික් V එන්නත ලබාදීමේ දී මහනුවර ප්‍රදේශයේ ජනතාවට අමුතුම ආකාරයේ කැමැත්තක් ප්‍රකාශ කිරීමට සිදුව තිබේ.

මහනුවර ප්‍රදේශ කිහිපයක දී අද (31) එන්නත් ලබාගත් අයට “කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රිකාවක් ලබා දී තිබිණි. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන් ම රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කර ඇති එම පත්‍රිකාවේ දැක්වෙන්නේ එන්නත ගැනීමට පෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් පැහැදිලිකර දුන් කරුණු අවබෝධ කරගෙන ඒවාට එකඟව මේ එන්නත ලබාගන්නා බවයි.

මෙම පත්‍රිකාවේ ඉහළින් ම “එස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුව ද ලබාගැනීමට මම කැමැත්තෙමි” යනුවෙන් සඳහන්ව ඇත.

මෙයින් වක්‍රාකාරයෙන් කියැවෙන්නේ එන්නතේ දෙවැනි මාත්‍රාව එම ජනතාවට නොලැබුණහොත් එහි වගකීම සෞඛ්‍ය අංශ භාර නොගන්නා බව නොවේ ද ?

කොරෝනා එන්නතේ ආරක්ෂාව ලැබීමට නම් එන්නතේ මාත්‍රා දෙකම නිශ්චිත කාල පරාසයක් තුළ ලබාගත යුතුය සෞඛ්‍ය අංශවල හා එන්නත් නිෂ්පාදනයන්ගේ නිර්දේශයයි.

කෙසේ වෙතත් එස් පුට්නික් එන්නතේ පළමු මාත්‍රාවෙන් ම ඉහළ ආරක්ෂාවක් ලැබෙන බැවින් දෙවැනි මාත්‍රාව අවශ්‍ය ද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ සළකා බලමින් සිටින බව රජයේ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර තිබිණි.

Related articles

Recent articles

spot_img