-4.8 C
New York

චන්දිමාල් – පියුමිට ඇප දෙයි. ඔවුන් සමඟ සාද දැමූ පිරිස සොයා පොලිස් පරීක්ෂණ

Published:

ෂැංග්‍රිලා හෝටලයේ කාමරයක 30කට වැඩි පිරිසක් සමඟ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වීමට සැකපිට අත්ඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ රංගන ශිල්පී පියුමි හංසමාලි දෙදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.

ෂැංග්‍රිලා හෝටලයේ 10 වැනි තට්ටුවේ පිහිටි කාමරයක උපන්දින සාදයක් පැවැත්වීයැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව අද උදෑසන වැටලීමක් කර මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම සාදයට සහභාගී වූ පිපරිසෙන් 12 දෙනකු හඳුනාගෙන ඇති බවත් අනෙක් පිරිස හඳුනාගැනීම සඳහා ආරක්ෂක කැමරා දර්ශන භාවිතා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Related articles

Recent articles

spot_img