-1.1 C
New York

ටාර්සන්ට පන දුන් නළුවා ගුවන් අනතුරකින් මියයයි

Published:

The Epic Adventures නම් ලෝකය පුරා ජනප්‍රිය වූ රූපවාහිනී වැඩසටන් මාලාවේ ටාර්සන් චරිතයට රඟපෑ ජෝ ලාරා ගුවන් අනතුරකින් මියගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ගමන් කරමින් සිටි කුඩා ජෙට් යානයක් ඇමෙරිකාවේ ස්මර්නා නගරය අසළ ජලාශයකට කඩා වැටීමෙන් ඔහු ඇතුළු 07 දෙනකු මියගොස් ඇත. මියයන විට ජෝ ලාරා 58 වැනි වියේ පසු වූයේය. ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කරන්නේ මියගිය පිරිස අතර ඔහුගේ බිරිඳ ග්වෙන් ෂැම්බ්ලින් ලාරා ද සිටින බවයි.

https://news.sky.com/story/tarzan-star-joe-lara-dies-aged-58-in-tennessee-plane-crash-12321136

Related articles

Recent articles

spot_img