-5.9 C
New York

නැවේ කපිතාන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට CIDය යයි

Published:

X-Press Pearl නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (31) ප්‍රකාශ සටහන් කරගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මේ වනවිට නැවේ සේවකයන් වැල්ලවත්තේ හෝටලයක නිරෝධායනයට යොමුකර සිටියි. ඊයේ (30) දිනයේ දී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කපිතාන්වරයාගේ ප්‍රකාශය ලබාගැනීමට ගිය ද ඔහු සතුව නැවට අදාල ලිපිගොනු නොතිබීම හේතුවෙන් එය අදට කල් දැමිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මෙම නැවේ ගින්න සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා 10 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් පත්කර ඇති බවයි.

Related articles

Recent articles

spot_img