-5.9 C
New York

වඩාත් දරුණු නව කොරෝනා ප්‍රභේදයක් හමුවෙයි

Published:

ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා විකෘතීන්වලට වඩා වෙනස් වූ කොරෝනා විකෘති වයිරසයක් වියට්නාමයෙන් හමු වී ඇතැයි එරට සෙඛ්‍ය අශ තහවුරු කරයි.

මේ වනවිට වියට්නාමයෙ සීඝ්‍ර වශයෙන් කොරෝනා ව්‍යාප්ත වෙමින් තිබෙන අතර එම ‍ආසාදිතයන් වැඩි දෙනකුගේ මෙම නව විකෘති ප්‍රභේදය දක්නට ලැබෙයි. එරට සෞඛ්‍ය ඇමති ගයියෙන් තාන් ලොං පවසන්නේ මෙය ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව වැඩි කිරීමට හේතුවී ඇති බවයි. ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ ඉන්දියාවෙන් හඳුනාගත් බී.1.617 ප්‍රභේදය හා බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් බී.1.1.7 මිශ්‍ර වීමෙන් මේ ප්‍රභේදය සෑදෙන්නට ඇතැයි විශ්වාස කරන බවයි. මෙම ප්‍රභේදය මෙතෙක් සොයාගත් සියලු ප්‍රභේදවලට වඩා හානිකර බව සෞඛ්‍ය අංශ බිය පළකරයි.

ආසියාතික රටක්වන වියට්නාමය කොරෝනා සාර්ථකව මර්ධනය කර තිබුණ ද අප්‍රේල් මාසයේ යළි දෙවැනි කොරෝනා රැල්ලක් ආරම්භ වූ අතර එතැන් සිට නව ආසාදිතයන් 6,856ක් සහ මරණ 47ක් වාර්තා වී තිබේ.

නව විකෘති ප්‍රභේදය සම්බන්ධ සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට ද වියට්නාම් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

Related articles

Recent articles

spot_img