2.9 C
New York

කරාපිටියේ දොස්තරගේ ව්‍යාජ බෙහෙත් ඒජන්ත මන්ත්‍රීවරයා කොරෝනා එන්නත විදගනී

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා අලුතෙන් සොයාගත්තේ යැයි කියමින් සිදුකරන මුදල් ජාවාරමේ එක් කොටස් කරුවකු වන බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඩඩ්ලි විජේසිංහ අද (29) කොරෝනා එන්නත ලබාගත්තේය.

ඔහු මෙම එන්නත ලබාගත්තේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට එන්නත් ලබාදෙන අවස්ථාවේ දී ය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩඩ්ලි විජේසිංහ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ ජාවාරමේ ඒජන්තවරයෙකි.

මේ පිළිබඳ අප ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩඩ්ලි විජේසිංහගෙන් විමසූ විට ඔහු කියා සිටියේ උදාර සම්පත් ගුණවර්ධන විසින් නිපදවා ඇති ඖෂධය සඳහා සියලුම ආයතනවලින් අවසර ඇති බවත් එය නව නිෂ්පාදනයක් මෙන්ම කොරෝනා රෝගයෙන් වැළකී සිටීමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බවයි. එකක් රුපියල් 3750.00 බැගින් තමන් එය අළෙවි කරන බව ද හෙතෙම කීවේය.

බෝපේ පෝද්ල ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයකු ලෙස කටයුතු කරමින් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් කරගෙන යන මහා ජාවාරමක කොටස් කරුවකු වී තම ප්‍රදේශයේ ජනතාවගෙන් මුදල් ගැරීම වරදක් නොවේ දැයි මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මේ වෛද්‍ය ගුණවර්ධනගේ ඖෂධයෙන් කොරෝනා සුවවන බව තමන් සක් සුදක් සේ දන්නා බවයි.

නමුත් එසේ කියා පැය 24ක් ගතවීමටත් පෙර අද (29) උදෑසන මේ මන්ත්‍රීවරයා බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී එම එන්නත ලබාගෙන තිබේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අද බෝපේ පෝද්දල් ප්‍රාදේශීය සභාවේ සියළුම මන්ත්‍රීවරුන්ට කොරෝනා එන්නත් ලබා දී තිබිණි.

Related articles

Recent articles

spot_img