-2.1 C
New York

රු. 5000.00 යළි ජුනි 02 දා සිට

Published:

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අහිමි වූ අය වෙනුවෙන් රුපිපයල් 5000.00 දීමනාව යළි ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙම දීමනාව ලබන ජුනි මස 02 වැනි දා සිට ලබාදීමට නියමිතය.

රුපියල් 5000.00 දීමනාව ලබාදීම සඳහා මෙවර රුපියල් බිලියන 30ක මුදලක් වෙන්කර ඇතැයි ද රජය පවසයි. ඒ අනුව සමෘද්ධිලාභීන්ට, කොරෝනා හේතුවෙන් ආදායම් අහිමිවූවන්ට, මේ වනවිට රජයෙන් කවර ආකාරයක හෝ දීමනාවක් ලබන පුද්ගලයන්ට හා අඩු ආදායමීලාභීන් ලෙස හඳුනාගත් පවුල් සඳහා වශයෙන් මෙම දීමනාව ලැබීමට නියමිතය.

රජය පවසන්නේ දැනට රජයෙන් කවර හෝ දීමනාවක් ලබන පුද්ගලයන් සඳහා ඔවුන්ට ලැබෙන්නේ එම දීමනා මුදල රුපියල් 5000.00ට වඩා අඩුනම් එම හිඟ මුදල පමණක් බවයි.

Related articles

Recent articles

spot_img