වෙසක් පුර පසළොස්වක පොහොය යෙදී තිබුණු ඊයේ (26) දිනයේ සූර්යයා, පෘතිවිය හා චන්ද්‍රයා එකම රේඛාවක පිහිටීම හේතුවෙන් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවිය. මෙවැනි චන්ද්‍රග්‍රහණවල දී චන්ද්‍රයා රතු පැහැයෙන් දිස්වන බැවින් එය හඳුන්වන්නේ Blood moon යනුවෙනි. නමුත් අප රටට දිස්වන්නට නියමිතව තිබුණේ ඡායා චන්ද්‍රග්‍රහණයක් පමණි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය ද නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට අහිමිවිය.
outlookindia.com වෙබ් අඩවිය එම චන්ද්‍රග්‍රහණයේ ඉතා අලංකාර ඡායාරූප කිහිපයක් ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී ලාංකිකයන්ට දැකගත නොහැකි වූ එම චන්ද්‍රග්‍රහණයේ ඡායාරූප පහතින් දක්වා ඇත.
තායිවානයේ තායිපේහි වළාකුළු පිරි දිනයක් වුව ද පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවෙමින් තිබූ ආකාරය (AP ඡායාරූපය චියැං යින්-යින්)

පෘථිවියේ හෙවනැල්ල පතිතවූ චන්ද්‍රයා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ඉහළින් දිස්වූ ආකාරය (AP ඡායාරූපය මාර්ක් බේකර්)

නිවැසියන් පිරිසක් ඉන්දුනීසියාවේ බාලි හි සනූර් වෙරළට වී චන්ද්‍රග්‍රහණය නරඹති. (AP ඡායාරූපය ෆිර්ඩියා ලිස්නාවතී)

හොංකොං හි වික්ටෝරියා වරායට ඉහළින් නැග ආ චන්ද්‍රයා (AP ඡායාරූපය කිං චියුන්ග්)

බීජිංහි ඔලිම්පික් කුළුණට නැග චන්ද්‍රග්‍රහණය දෙස බලා සිටින පුද්ගලයන් (AP ඡායාරූපය එන්හැන් ගුවාන්)

09 වැනි සියවසේ දී ඉන්දුනීසියාවේ යෝගියාකාර්තා හි ඉදිකර ඇති ප්‍රම්බානන් දේවස්ථාය පසුබිමෙන් චන්ද්‍රයා නැගී එනවිට චන්ද්‍රග්‍රහණ්‍ය දිස්වන ආකාරය (AP ඡායාරූපය ස්ලමෙට් රියාඩි)

උරුගුවේ මොන්ටෙවීඩියෝ වරායට පිටුපසින් චන්ද්‍රග්‍රහණය සිදුවන ආකාරය කැමරාවට නගා ඇත්තේ මේ ආකාරයෙනි. (AP ඡායාරූපය මැටිල්ඩ් කැම්පෝඩොනිකෝ)

කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා හි ෆෙරිස් රෝදයක් පිටුපසින් චන්ද්‍රග්‍රහණය දිස්වන ආකාරය
(AP ඡායාරූපය රින්ගෝ එච්ඩබ්ලිව් චියූ)

පිලිපීනයේ මැනිලා නගර ශාලාවේ ඔරලෝසු කණුව අසළින් චන්ද්‍රග්‍රහණය දිස්වෙයි.
(AP ඡායාරූපය ආරොන් ෆාවිල)

චිලියේ සන්තියාගෝ ප්‍රදේශය පුරා චන්ද්‍රග්‍රහණයක් සිදු වේ. (AP ඡායාරූපය එස්ටෙබන් ෆීලික්ස්)

ශාන්ත ෆ්රැන්සිස්කෝ හි ටෙලිග්රාෆ් හිල්හි කෝට් කුළුණ හරහා චන්ද්‍රග්‍රහණයක් දක්නට ලැබුණේ මේ ආකාරයෙනි. (AP ඡායාරූපය ෆෙඩ්රික් ලාර්සන්)

ඡායාරූප ශිල්පීන් බීජිංහි මධ්‍යම රූපවාහිනී කුළුණේ චන්ද්‍රග්‍රහණය සිය කැමරාවලට හසුකරගන්නා ආකාරය (AP ඡායාරූපය මාර්ක් ෂිෆෙල්බයින්)

මෙක්සිකෝ නගරයට චන්ද්‍රයා අර්ධ වශයෙන් ආවරණය වී පෙණුනු ආකාරය (AP ඡායාරූපය මාකෝ උගාර්ට්)

ටෝකියෝ ප්‍රදේශයට චන්ද්‍රග්‍රහණය දර්ශනය වීම ආරම්භවීමට මද වේලාවකට පෙර සඳ වළාකුළු අතරින් නැගී සිටින ආකාරය (AP ඡායාරූපය ෂුජි කජියාමා)
