-2.1 C
New York

ග්‍රාම නිලධාරී සේවය ඇතුළු සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරයි

Published:

ග්‍රාම නිලධාරී සේවය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අද (27) ප්‍රකාශයට පත්කර ඇත.

එම ගැසට් පත්‍රයට අනුව වරාය සේවාවන්, පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඉන්ධන සැපයුම් හා බෙදාහැරීම්, වරායන් තුළ තෙල් හෝ ඉන්ධන සම්බන්ධ සේවාවන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ භාණ්ඩ ප්‍රවාහනය හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මගී ප්‍රවාහනය ඇතුළු සියලුම පොදු ප්‍රවාහන සේවාවන්, එම පොදු සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නඩත්තුව හා ආරක්ෂක හා මෙහෙයුම් කටයුතු, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර ඇතුළු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්ෂේත්‍ර නිලධරීන් විසින් කළ යුතු සේවාවන් වැඩ හෝ ශ්‍රම දායකත්වය, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියළුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු සහ පළාත් පාලන ආයතන මගින් සිදුකරන කසළ කළමනාකරණ සේවා කටයුතු මෙලෙස අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.

එන්නත් ලබාදීමේ දී තමන්ට ප්‍රමුඛතාව දෙන්න යැයි ඉල්ලමින් ග්‍රාම නිලධාරී ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා සහ සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

Related articles

Recent articles

spot_img