-4.8 C
New York

තම ලැයිස්තුවට පිටින් එන්නත් දෙන්න බෑ යැයි මොරටුව නගරාධිපති කියයි

Published:

මොරටුව ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් එන්නත් ලබාදීමේ දී එහි පැමිණි මොරටුව නගරාධිපතිවරයා තමන් විසින් සැකසූ ලේඛනයට පමණක් එන්නත් කරන ලෙස බලපෑම් එල්ල කරමින් එන්නත් කරන වැඩසටහනට බාධා එල්ල කෙරිණි

එම අවස්ථාවේ දී වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන් ඔහුට කරුණු පැහැදිලිකිරීමට උත්සාහ ගත්ත ද ඔහු එම කරුණු පිළිගත්තේ නැත. ඔහු පවසා සිටියේ තම ලේඛනයට අනුව එන්නත් නොකරන්නේ නම් එන්නත් කිරීමට ඉඩ නොදෙන බවයි. මේ අවස්ථාවේ දී නගරාධිපතිවරයා තම රාජකාරියට බාධා කරන බව වෛද්‍යවරිය විසින් පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එහි පැමිණ සිද්ධිය සමථයකට පත්කිරීමට උත්සාහ කරන ලදී.

පසුව වෛද්‍යවරුන් එන්නත් කිරීමේ වැඩසටහන කරගෙන ගිය අතර නගරාධිපතිවරයා ද දිගින් දිගටම විරෝධය දක්වමින් එම භූමියෙන් පිටත රැඳී සිටිනු දක්නට හැකිවිය.

Related articles

Recent articles

spot_img