-5.9 C
New York

අවවාද නොතකා නැවේ බඩු එකතුකළ අයට ආසාත්මිකතා මතුවෙලා

Published:

ගිනි ගනිමින් පවතින නැවේ තිබී වෙරළට පාවී ආ ද්‍රව්‍ය එකතුකර පුද්ගලයන් කිහිප දෙනෙකුටම ආසාත්මික තා ඇති වී තිබෙනබවට වාර්තා වී ඇතැයි සමුද්‍ර පරිසර දූෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර පවසයි.

මෙලෙස පාවී එන භාණ්ඩවල අහිතකර රසායනිකයන් අඩංගුවිය හැකි බැවින් ඒවා ස්පර්ශ නොකරන ලෙස කලින් දැනුම් දී තිබිය දී එම උපදෙස් හා සංචරණ සීමා පවා නොතකමින් ඇතැම් පිරිස් වෙරළේ තිබූ භාණ්ඩ එකතු කරන ආකාරය දක්නට ලැබිණි.

මෙලෙස භාණ්ඩ එකතු කළ පුද්ගලයන්ගේ සමේ මතුපිට බිබිලි හා පැල්ලම් මතුවී ඇති බවත් සමේ කැසීමක් හටගෙන ඇති බවත් මේ වනවිට වාර්තා වී තිබේ. සභාපති ලහඳපුර පවසන්නේ මෙලෙස භාණ්ඩ රැස්කළ පුද්ගලයන්ට සුළු ආසාත්මිකතාවලට අමතරව බරපතල සෞඛ්‍ය ගැටලුවලට ඉදිරියේ දී මුහුණදීමට සිදුවීමට ඉඩ ඇති බවයි.

තවදුරටත් නැවේ අබිලි ද්‍රව්‍ය හා එහි ප්‍රවාහනය කරමින් තිබූ ද්‍රව්‍ය වෙරළට පාවෙමින් පැමිණෙන අතර ඒවා ඇල්ලීම හෝ ඒවාට ළං වීම හෝ නොකරන ලෙස සමුද්‍ර පරිසර දූෂණ අධිකාරිය දැනුම් දෙයි. වෙරළ පිරිසිදු කිරීම කළ යුත්තේ නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව බවත් සභාපතිවරිය කියා සිටියාය.

Related articles

Recent articles

spot_img