කොළඹ වරායට ඇතුළුවීම සඳහා නැංගුරම් ලා සිටිය දී ගිනි ගත් X-Press Pearl නෞකාවේ ඇසිඩ් කාන්දුවක් හේතුවෙන් ගිනි ගැනීමේ අවදානමක් පැවැති බැවින් කටාර් හා ඉන්දියාවේ වරායවලට එම නැවට ඇතුළුවීමට ඉඩ දී නැතැයි සිංගප්පූරුවේ වෙබ් අඩවියක්වන splash247.com අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංකා සාගර කලාපයේ මෑත කාලීනව සිදුවූ දරුණුතම පාරිසරික ව්‍යසනය සිදුකරමින් විනාශ වෙමින් පවතින මෙම නෞකාව 2021 වර්ෂයේ දී භාණ්ඩ ප්‍රවාහනය සඳහා එක්කරගත් අලුත්ම නෞකාවකි. විශේෂඥයන් අනාවරණය කර ඇත්තේ එහි තිබූ රසායනික ද්‍රව්‍ය අපරීක්ෂාකාරී ලෙස ඇසුරුම්කර තිබීම හේතුවෙන් මෙම විනාශය සිදුව ඇති බවයි.
පසුගිය 20 වැනි දා කොළඹ වරායට නුදුරින් නැංගුරම් ලා සිටිය දී ගින්නක් හටගත් නෞකාවේ බහාලුම් 1,486ක් තිබිණි. ඒ අතර ඇසිඩ් ටොන් 25ක් තිබූ බව ද පැවසේ.
සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරන මෙම නැවේ හිමිකාරීත්වය දරන X-Press Feeders සමාගමේ සභාපති ටිම් හාර්ට්නෝල් පවසන්නේ මෙහි ඇසිඩ් කාන්දුව මුල් වරට හඳුනාගන්නා ලද්දේ ශ්‍රී ලංකාවෙන් කිලෝමිටර දහස් ගණනක් ඈතින් පිහිටි අරාබබි මුහුදේ දී බවයි. නැවේ කාර්ය මණ්ඩලය විසින් ම හඳුනාගන්නා ලද එම ඇසිඩ් කාන්දුවට දුර්වල ඇසිඩ් කාන්දුව වගකිවයුතු බව ද හෙතෙම පවසා තිබේ.
මෙම ඇසිඩ් කාන්දුව හඳුනාගැනීමත් සමඟම නැවේ කපිතාන්වරයා ඉන්දියාවේ බටහිර වෙරළ තිරයේ හසිරා සහ කටාර්හි හමාඩ් යන වරායන් දෙක සම්බන්ධ කරගෙන තිබිණි. නමුත් මෙහි ඇසිඩ් කාන්දුවක් ඇති බව දැනගත් එම වරාය දෙකෙහි බලධාරීන් නැවට ඇතැළුවීමට ඉඩ දී නැතැයි සමාගමේ සභාපතිවරයා ඉහත වෙබ් අඩවිය සමඟ පවසා තිබේ.
මේ අතර එම නැවේ හිමිකාර සමාගම අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන් හමුදා ඉන්දීයාවේ ද සහය ඇතිව හානිය අවම කරගැනීම සඳහා මහා මෙහෙයුමක් දියත් කර ඇතත් රසායනික ද්‍රව්‍ය සහ ඉන්ධන මුහුදට කාන්දු වී දැඩි විනාශයක් කරා යමින් සිටින නෞකාව පූර්ණ හානි වූ නැවක් බවට එහි රක්ෂණ සමාගම වූ ලන්ඩන් නගරයේ පිහිටි P & I Club සමාගම විසින් තක්සේරු කරනු ඇති බවයි.

එම වෙබ් අඩවියේ සබැඳිය පහතින්