-4.8 C
New York

ජීවිතාන්තය දක්වා සිරගෙයි සිටි 260කට නිදහස දෙයි

Published:

ජාතික වෙසක් දිනය නිමිත්තෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවන් 260 දෙනකුට ජාතික වෙසක් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

මෙම පිරිස අතරින් සිරකරුවන් 53 දෙනකුට අද (26) නිදහස ලැබෙන බවත් අනෙක් 197 දෙනාට නිදහස ලැබෙන දින ලබා දී ඇති බවත් හෙතෙම පවසයි.

ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවම් ලැබූ රැදවියන් හට වසර 19කට පසු ජනපති සමාව ලැබූ පළමු අවස්ථාව මෙය බවද හෙතෙම පැවසීය.

එමෙන් ම සිරකරුවන්ගේ අද දක්වා ඇති සියලු දඩ ‍අහෝසි කර ඇති බව ද වයස අවුරුදු 65ට වැඩි සිරකරුවන් තමන්ට නියම වූ දඬුවමින් අඩක් හෝ තුනෙන් එකක් ගෙවා අවසන් කර ඇත්නම් ඔවුන්ට ද නිදහස ලැබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Related articles

Recent articles

spot_img