8.6 C
New York

ග්‍රාම නිලධාරීහු වැඩ වරති

Published:

ග්‍රාම නිලධාරීවරුන්ට කොරෝනා මර්ධන එන්නත ලබාදෙන ලෙස ඉල්ලමින් සියලුම ග්‍රාම නිලධාරීවරු අද (26) රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටිති.

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර පවසන්නේ තම ඉල්ලීමට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යයමණ්ඩලය සඳහා මීළඟ අදියරේ දී එන්නත් ලබාදීමට නියමිත බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්රුන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා එන්නත් ලබාදීමේ දී ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වන විටත් ඉල්ලීමක් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙයි.

එබැවින් මෙම අවස්ථාවේ දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුනොවී මහජනතාවට අවශ්‍ය සේවාවන් කාර්යක්ෂම ලෙස සපයාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද පවසයි.

Related articles

Recent articles

spot_img