-4.8 C
New York

වෛද්‍යවරුන්ට බාධා කළැයි මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Published:

බලපිටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ රාකාරියට බාධා කළැයි සැකපිට බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.

අද (26) එම මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සැකපිට අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා රෝගී වූ තම පියා ඇතුළු තවත් පුද්ගලයන් 05 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සමඟ බලපිටිය රෝහලට පැමිණ තිබේ. පියා රෝහල්ගත කෙරුණු අවස්ථාවේ පැමිණ සිටි පිරිස විශාල බැවින් ඔවුන්ට ඉවත්වන ලෙස පැවසූ බව වෛද්‍යවරු කියති. එම අවස්ථාවේ දී ඔවුන් තර්ජනය කරමින් කළහකාරී ලෙස හැසිරුණු බවත් රෝහල් පොලිසියට ඒ බව දැනුම් දීමෙන් පසු පැමිණ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අම්බලන්ගෙඩ මූලස්ථාන පොලිසියට භාර දී ඇති බවත් පැවසේ.

මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තම පියාට ප්‍රතිකාර කිරීම ප්‍රමාදවීම හේතුවෙන් ඇතිවු කතා බහක් දුරදිග යාමේ සිද්ධියක් ඇති වූ බවයි.

Related articles

Recent articles

spot_img