-2.1 C
New York

ඇමෙරිකාවේ තහනම නිසා බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ ම හිරවෙයි ද ?

Published:

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට සහ ජපානයට සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පනවා තිබීම හේතුවෙන් මේ වනවිට ඇමෙරිකාවට ගොස් සිටින ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂට මෙරටට පැමිණීමට නොහැකිවීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ අද (25) කරුණු දැක්වූ සම කැබිනට් ප්‍රකාශක වැවිළි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පැනවීම දීර්ඝකාලීනව සිදුවන ක්‍රියාවලියක් නොවන බවයි.

කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එරට පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ හා ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට දැනුම් දී තිබේ. සිව්වන මට්ටමේ තහනමක් පැනවීමට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාව ද ඉහළම මට්ටමේ කොරෝනා ව්‍යාප්තියක් පවතින රටක් බවට තීරණය කිරීමයි.

ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ පසුගිය දා පුද්ගලික හේතුවක් මත යළි ඇමෙරිකාවට ගියේය. ඔහු පවසන්නේ තමන්ට ඇමෙරිකානු පුරවැසිභාවය ඇති බවයි. එය ඉවත්කර නොගන්නා බවද හෙතෙම ප්‍රසිද්ධියේම කියා ඇත. ඒ අනුව මෙම සංචාරක තහනම බැසිල් රාජපක්ෂට ද බලපාන දෙයකි.

Related articles

Recent articles

spot_img