-4.8 C
New York

විල්බැරෝවෙන් කඩේ ගිය පුද්ගලයා අත්අඩංගුවට. එම වරද කළ ඇමති නිදැල්ලේ

Published:

විල්බැරෝවකින් භාණ්ඩ ගෙනගිය පුද්ගලයකුගේ වීඩියෝ දර්ශන හා ඡායාරූප සඳහා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබීමත් සමඟ ඔහු නිරෝධායන නීති උල්ලංඝනය කර ඇතැයි පවසමින් අළුත්ගම ධර්ගා නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුඛ ආවරණයක් පැළඳ නොසිටිබවට චෝදනා කරමිනි. ඔහු 40 හැවිරිදි පුද්ගලයෙකි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පුද්ගලික වාහන හෝ භාවිතා නොකර එක නිවසකින් එක් අයකු පමණක් පා ගමණින් ආසන්නම වෙළෙඳ සැළට ගොස් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගන්නා ලෙසත් රජයෙන් දැනුම් දී තිබිණි. එම පුද්ගලයා විල්බැරෝවකින් භාණ්ඩ රැගෙන ගියේ මෙම කොන්දේසිය හේතුවෙනි.

සමාජ මාධ්‍ය ජාලාවල එම පුද්ගලයාගේ ඡායාරූප හා වීඩි‍යෝ දර්ශන ප්‍රචාරයවිමත් සමඟ ඔහුගේ මුඛ ආවරණ නැතැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත ද පොලිසිය භාර අමාත්‍යවරයා පසුගිය දිනක උත්සවයක දී මුඛ ආවරණ නොමැතිව සිටින ආකාරය එලෙසම ප්‍රචාරය කෙරුණ ද ඔහුට එරෙහිව මෙරට නිරෝධායන නීතිය ක්‍රියාත්මක වූයේ නැත.

අමාත්‍ය සරත් වීරසේකර මුඛ ආවරණ නොමැතිව රැස්වීමකට සහභාගී වී සිටින ආකාරය

Related articles

Recent articles

spot_img