-5.9 C
New York

දකුණේ අවදානම තවත් ඉහළට. දෛනික ආසාදිතයන් 433ක්

Published:

දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 433 දෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

අද (25) සවස 2.00ට අවසන් වූ පැය 24 දී වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 210කි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 166ක් වාර්තා වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 57 දෙනෙකි.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ විසින් නිකුත් කර ඇති වාර්තාවට අනුව දකුණු පළාතේ මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් 13,557 දෙනා අතරින් ආසාදිතයන් 4,274 දෙනකු තවමත් ආසාදිත තත්ත්වයේ පසුවෙයි.

එමෙන්ම දකුණු පළාතේ පවුල් 8,190ක් මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති අතර පුද්ගලයන් 19,531 දෙනෙක් නිරෝධායනයට යොමුකර සිටිති.

ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. ගාල්ලේ පවුල් 4,738 ක පුද්ගලයන් 9,788ක් නිරෝධායනය වෙමින් සිටින අතර මාතර දිස්ත්‍රික්කයේ පුද්ලයන් 5,935ක් නිරෝධායනය යොමුකර ඇත. එම සංඛ්‍යාව පවුල් වශයෙන් සැළකූ විට 1,639කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1,813ක පුද්ලයන් 3,808ක් නිරෝධායනයට යොමුකර ඇත.

පසුගිය පැය 24 දී ආසාදිතයන් වාර්තාවූ ආකාරය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින්

ගාල්ල දිස්ත්‍රික්කය 166

ගාල්ල මහ නගර සභාව 36

හබරාදුව 28

රත්ගම 33

අම්බලන්‍ගොඩ 13

බෝපේ පෝද්දල 09

කරන්දෙණිය 09

නියාගම 06

බද්දේගම 05

වැලිවිටිය දිවිතුර 05

ඉමදුව 05

අක්මීමණ 04

නාගොඩ 04

ඇල්පිටිය 03

තවලම 03

යක්කලමුල්ල 01

ගෝනපීනුවල 01

හික්කඩුව 01

මාතර දිස්ත්‍රික්කය 210

කඹුරුපිටිය 64

දෙවිනුවර 35

වැලිගම 38

වැලිපිටිය 16

කොටපොළ / දෙණියාය 13

අකුරැස්ස 10

මාලිම්බඩ 09

මාතර නගර සභාව 09

කිරින්ද පුහුල්වැල්ල 05

තිහගොඩ 04

මුලටියන 02

දික්වැල්ල 01

හක්මණ 01

මොරවක 01

පස්ගොඩ 01

හම්බන්තොට දිස්ත්‍රික්කය 57

අම්බලන්තොට 13

තිස්සමහාරාමය 13

බෙලිඅත්ත 10

වලස්මුල්ල 06

හම්බන්තොට 05

කටුවන 04

සූරියවැව 03

ඕකේවෙළ 02

තංගල්ල 01

Related articles

Recent articles

spot_img