-2.1 C
New York

ආරක්ෂාකාරී වෙන්න. ගංවතුර ඇතිවිය හැකියි ?

Published:

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළ යාම සිදුව ඇතැයි ද තවදුරටත් වැසි ඇතිවුවහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කැලණි ගඟ කිතුල්ගල ප්‍රදේශයෙන් ද, කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් ද, කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද, මහවැලි ගඟ නාවලපිටිය ප්‍රදේශයෙන් ද පිටාර යාමට ඉඩ ඇති බව පැවසේ. ඒ අනුව ගඟ අවට ජීවත්වන පහත්බිම්වල පදිංචි ජනතාවට ආරක්ෂාකාරීවන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Related articles

Recent articles

spot_img