-4.8 C
New York

හොර පාරේ පළමු එන්නත ගත් මාධ්‍යකරුවන්ට වැඩ වරදී

Published:

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ප්‍රමුඛතා ලේඛනයෙන් පිට පනිමින් එන්නත් කරගත් ඇතැම් මාධ්‍ය ආයතනවල සාමාජික සාමාජිකාවන්ට එහි දෙවැනි එන්නත් නොලැබීමෙන් මේ වනවිට බරපතල ගැටලුවක් මතු වී තිබේ.

කොරෝනා මර්ධන කාර්යයේ ඇති දුර්වලතා මාධ්‍ය මගින් රටේ ජනතාව වෙත ප්‍රචාරය වීම වළක්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා මාධ්‍යවේදීන් තම සාක්කුවේ දා ගැනීම බව දන්නා රජයේ බලධාරීන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙන අවස්ථාවේ දී සෞඛ්‍ය අංශ සේවකයන්ට, ආරක්ෂක අංශ සාමාජිකයන්ට පවා එය ලබාදීමට පෙර මාධ්‍ය ආයතනවෙත එන්නත් ලබාදෙන ලදී.

මෙහි ප්‍රතිඵලය වූයේ ප්‍රාදේශීය වශයෙන් පවා වාර්තාවන කොරෝනා මරණ, ආසාදිතයන් සහ කොරෝනා මර්ධන කටයුතුවල දුර්වලතා මාධ්‍ය මගින් හෙළි නොකිරීමයි. ජනමාධ්‍ය යනු රට සහ ජනතාව නිවැරදි දිශානතියකට යොමුකිරීම සඳහා නිවැරදි දත්ත හා තොරතුරු මත පදනම් වී සිය කර්මාන්තයේ නිරතවිය යුතු ක්ෂේත්‍රයකි. නමුත් එන්නත් අල්ලසට යට වූ එම ආයතන තම සමාජ වගකීම පැහැර හැරියේය. රටට සමාජයට සාධාරණත්වය පිළිබඳ කරුණු අනාවරණය කරන ඔවුන් ප්‍රමුඛතා ලැයිස්තුවෙන් පිටපැන එන්නත් විද මුඛවාඩම් බැඳගෙන පෑනද අඟුළු දමා ගත්තේය.

දැන් සිදුව ඇත්තේ එන්නතේ දෙවැනි මාත්‍රාව නොලැබී යාම සහ පළමු මාත්‍රාවේ සක්‍රීය කාලය ද අවසන්වීමයි. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයන්ට වෙනත් එන්නතක් ලබාදීම සඳහා මෙතෙක් නිර්දේශ නොලැබීම හේතුවෙන් ඔවුන්ට වෙනත් එන්නතක් ලබාගැනීමට ද නොහැකි වී ඇත.

Related articles

Recent articles

spot_img