-5.9 C
New York

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

Published:

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් හෙට අළුයම 4.00 සිට හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

හුදකලා කළ ප්‍රදේශ පහත දැක්වේ

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පොලිස් බල ප්‍රදේශයේ කුරුවිට ග්‍රාම නිලධාරී වසම සහ දෙල්ගමුව ග්‍රාම නිලධාරී වසමේ නගර කොටස

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඌරවත්ත ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඊරියවැඩියි ග්‍රාම නිලධාරී වසම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩයගම පොලිස් බල ප්‍රදේශයේ සන්දිරිගම වත්තේ සන්දිරිගම කොටස සහ NLDB සත්ත්ව ගොවිපොළ කොටස

Related articles

Recent articles

spot_img