1.6 C
New York

“කළු දිලීර රෝගය ශ්‍රී ලංකාවේ තිබෙනවා” වෛද්‍ය පර්යේෂණ ආයතනය කියයි.

Published:

කළු දිලීර රෝගය ශ්‍රී ලංකාවේ දක්නට ඇතත් එම දිලීර ආසාදනය හා කොරෝනා ආසාදනය එකවිට සිදුවූ කිසිදු රෝගියකු මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීරවේදී දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී විශේෂඥ දිලීරවේදී වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර පවසයි.

ඇය පවසන්නේ කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් රෝගය ඇතිවීමට අවශ්‍ය සියලු පරිසර සාධක නිවර්තන රටක් වූ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන අතර මෙරට පසෙහි එම දිලීරය ජීවත්වන බවයි. එමෙන්ම 2019 වර්ෂයේ දී කළු දිලීර රෝගය වැළඳුණු පුද්ගලයන් 42ක් මෙරටින් හමුවී ඇති බවත් 2020 වර්ෂයේ දී එවැනි රෝගීන් 24ක් හා 2021 මේ දක්වා එවැනි රෝගීන් 24ක් හමුවී ඇති බවත් ඇය කීවාය.

ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“මේ රෝගය ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ආසාදන තත්ත්වයක්. මේ වර්ෂයේ දී පවා එම ආසාදනය වැළඳුණු 24 දෙනෙක් හමුවී තිබෙනවා. දිලීර ආසාදන සහිත සියලුම රෝගීන්ගේ සාම්පල පරීක්ෂා කරන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී දෙපාර්තමේන්තුවෙන් නිසා අප සතුව ඒ රෝගය පිළිබඳ සියලුම දත්ත තිබෙනවා. ඒ නිසා පැහැදිලියි මියුකෝමයිකෝසිස් නැතිනම් කළු දිලීර රෝගය වැළඳුණු කිසිදු පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී නොතිබූ බව. ඉන්දියාවේ මේ රෝගය සමඟ කොරෝනා ආසාදනය දක්නට ලැබෙනවා කියා විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නැහැ.”

Related articles

Recent articles

spot_img