spot_img
spot_imgspot_img

අපනයනකරුවන්ට වෘත්තීය පුහුණුව දීමට ජාත්‍යන්තර මට්ටමේ පාඨමාලාවක්

පුවත්

විදෙස්

ජාත්‍යන්තර වෙළෙඳ කළමනාකරණය පිළිබඳ වෘත්තීය පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා Colombo School of Business Management (CSBM) සහ ජාතික අපනයන ආයතනය (National Chamber of Exporters)  හා ගිවිසුමකට එළැඹ තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳ කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලව යන නමින් ආරම්භ කරන මෙම පාඨමාලාව හදාරන සිසුන්ට ජාතික අපනයන කරුවන්ගේ මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෘත්තීමය සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

මෙම පාඨමාලාව හදරාන්නන්ට ජාත්‍යන්තර වෙළෙඳාමට ආදල වන විවිධ ක්ෂේත්‍ර පිළිබඳ දැනුම, ප්‍රායෝගික පුහුණුව හා දක්ෂතා සංවර්ධනය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ලබාදීම ද සිදුකරන බව Colombo School of Business Management (CSBM) ආයතනය සඳහන් කරයි.

මෙම පාඨමාලාව නිර්මාණය කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසක් දායකත්වය ලබා දී තිබේ. පළපුරුදු වෘත්තිකයන් විසින් දේශන සහ පුහුණු වැඩසටහන් මෙහෙයවනු ලබන අතර ක්ෂේත්‍ර චාරිකා ගණනාවක් ද මෙම පාඨමාලාවට ඇතුළත් කර තිබේ. වේගයෙන් වෙනස්වන අපනයන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් පුළුල්ව ලබා දීමට ද සැළසුම් කර තිබේ.

ආනයන හා අපනයන ආයතනවල සේවකයන්ට උපාධිධාරීන්ට, උපාධි අපේක්ෂකයන්ට ජාත්‍යන්තර වෙළෙඳාම් ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් වීමට අපේක්ෂා කරන පාසල් හැරගිය සිසු සිසුවියන්ට මේ පාඨමාලාව හැදෑරීම සඳහා අවස්ථාව හිමිවෙයි. ජාත්‍යන්තර වෙළෙඳාමේ ආදුනිකයන්ට මෙන්ම පළපුරුදු පුද්ගලයන්ට මෙන්ම අලුතෙන් මෙම ක්ෂේත්‍රයට ඇතුළත්වීමට අපේක්ෂා කරන අයටත් මෙම පාඨමාලාව වඩාත් මහෝපකාරීවනු ඇත.

ආනයනය අපනයනය කළමනාකරණය කිරීම, ලියකියවිලි හා මූල්‍ය කටයුතු කළමනාකරණය, ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජයගැනීම, පාරිභෝගික සම්බන්ධතා ගොඩනගාගැනීම, සන්නාමකරණය, මිල තීරණය කිරීම, ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශන සහ වෙළෙඳ පොළ ප්‍රවර්ධනය වැනි සියලු අංශවල පුහුණුවක් හා දැනුමක් පාඨමා‍ලාව සාර්ථකව අවසන්කරන සිසුන්ට හිමිවේ.

ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීම සඳහා දේශීය අපනයනකරුවන් සවිබල ගැන්වීම සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ එකම වෙළඳ මණ්ඩලය වන ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ අධ්‍යාපන අංශය වශයෙන් ජාතික අපනයන ආයතනය ආරම්භ කෙරිණි.

මෙම පාඨමාලාව පිළිබඳව වැඩිදුර විස්තර 0703 676767/0768 755006 දුරකතන අංකට ඇමතීමෙන් ලබාගැනීමට හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!