රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය විසින් ලබාදෙන වෛද්‍යවරුන්ගේ ඥාති ලේඛනවලට කොරෝනා එන්නත් ලබාදෙමින් අනිකුත් සෞඛ්‍ය සේවකයන් අමතක කරන්නේ නම් හෙට (25) උදෑසන 7.00 සිට සියලුම කොරෝනා රාජකාරීවලින් ඉවත්වන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ගණනාවක් දැනුම් දී ඇත.
මෙයට හේතුවී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සගමය (GMOA) ඉල්ලීම මත සෞඛ්‍ය අමාත්‍යාංහය විසින් බස්නාහිර පළාතේ වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් සඳහා අද (24) ස්ථාන කිහිපයක දී කොරෝනා මර්ධන එන්නත ලබාදීමට කටයුතු කර තිබීමයි.
මෙහි දී ආසාදිතයන් සමඟ සෘජුව ගැටෙන අතුරු වෛද්‍යවරු, පරිපූරක වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩල, කණිෂ්ඨ කාර්ය මණ්ඩල හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යන අයගේ පවුල්වලට එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන්නේ නම් හෙට සිට ඔවුන් කොරෝනා රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.
මේ සඳහා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය,අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ,හෙද පරිපුරක,අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ ඒකාබද්ධ පෙරමුණ,සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය එක්ව සිටියි.



